ඉදිරි කටයුතු

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා ලෙස පත්වන්නට ඔබ මට ඡන්දය දුන් හොත් මාගේ චරිතාංග කාර්යභාර්යයන්…..

IMG_9985
  • ඔබේ දැවෙන ගැටලූ හොදින් අවබෝධ කර ගනිමි.
  • හදුනාගත් ගැටලූ පුළුල් ලෙස විශ්ලේෂණය කරමි.
  • පාර්ලිමේන්තුවෙන් බැහැරව විසදා ගත හැකි නම් අදාල ගැටළු මනා සම්බන්ධීකරණයෙන් විසදීම.
  • පාර්ලිමේන්තුවෙන් විසදා ගත යුතු ගැටලූවක් නම් පාර්ලිමේන්තුව තුලින් එය විසදා දීම.
  • මන්ත‍්‍රීවරයෙකු ලෙස ලැබෙන සියලූ වරප‍්‍රසාද පෞද්ගලිකව බුක්ති නොවිද සියල්ලම මහජනතාවට විෂමතාවයකින් තොරව ලබා දෙමි.
  • කිසිවිටෙකත් මන්ත‍්‍රී ධූරය ආභරණයක් කොට නොගෙන ජනතා සේවය සදහා මෙවලමක් ලෙසම යොදා ගනිමි.
  • ජාති ආගම් කුල භේදයන්ගෙන් තොරව සියලූම ජනතාවගේ සුභ සිද්ධිය අරඹයාම සේවයේ යෙදෙමි.
  • නීති විරෝධි මත්ද්‍රව්‍ය වලට එරෙහිව දැඩිව කටයුතු කරමින් එයින් ඔබේ දරුවා රැුකගැනීමට ඵලදායි වැඩපිලිවෙලක් කි‍්‍රයාත්මක කරමි.
  • විදේශ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සම්බන්ධ වී ගාල්ල දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය සදහා අවශ්‍ය ප‍්‍රාග්ධන සහ භෞතික සම්පත් ලබා ගැනීමට කටයුතු කරමි.
  • සෑම බස් රථ නැවතුම් ස්ථානයකම මගීන්ගේ පහසුව පිණිස මගී ආවරණ ඉදි කිරීමට කටයුතු කරමි.
  • තරුණයන්ගේ ක‍්‍රිඩා කෞෂල්‍යයන් වර්ධනය කිරීම පිණිස නියමිත ප‍්‍රමිති වලට අනුකූල ක‍්‍රීඩාංගන සහ ක‍්‍රීඩාගාර ඉදි කරමි.
  • ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ඵලදාව බුක්ති විදිය හැකි කොස් පැළ සහ පොල් පැළ වගාකළ හැකි සෑම ස්ථානයක් වෙනුවෙන්ම නොමිලේ ලබා දීම සහ ඒවා රෝපණය කිරීමට ද සහය වෙමි.
  • උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයට ප‍්‍රවේශ වන අඩු ආදායම් ලාභී සිසු සිසුවියන් වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබා දීමට කටයුතු කරමි.
  • ඉහළ ප‍්‍රතිඵල ලාභී උසස් පෙළ සමතුන් වෙනුවෙන් විදේශ රටවල ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කරමි.
  • සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තොරතුරු තාක්‍ෂණය සම්බන්ධ ශිෂ්‍යත්ව ලබාදෙමි.
  • වඩාත් ඵලදායී දේශීය ආර්ථිකයට ශක්තියක් වන විදේශ ආයෝජන ගාලූ දිශාවට ලබා ගැනීමට කටයුතු කරමින් තරුණ පරපුරේ රැකියා ගැටලූව විසදීමට සෘජුවම දායක වෙමි.
  • දිස්ත‍්‍රික්කයේ සෑම පලාත් පාලන ආයතනයකටම වර්තමානයේ ගැටලූවක්ව පවතින කසල අවිධිමත්ව බැහැර කරලීම සම්බන්ධයෙන් ඊට සාර්ථක විසදුමක් ලෙස ඵලදායී ප‍්‍රතිචක්කී‍්‍රීකරණ ව්‍යාපෘති හදුන්වා දෙමි.

About the Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *