මා කල මෙහෙයන්

ගාල්ල මහා නගර සභාවට ලබාදුන් ඇගයීම් සහ සම්මාන

2009 ගෙවතු වගා තරගයෙන් රාජ්‍ය අංශයේ දෙවන ස්ථානය.

2009 ‘‘අපි වවමු රට නගමු’’ ගෙවතු වගා තරගයෙන් දෙවන ස්ථානය ජයග‍්‍රහණය දායක වීම.

2009 දකුණු පලාත් යහපාලනයේ පුරෝගාමී අත්දැකීම් ප‍්‍රදර්ශනයේ ප‍්‍රථම ස්ථානය දායක වීම.

2009 වසර සමස්ථ ලංකා යහපාලනයේ පුරෝගාමී අත්දැකීම් තරගයේදී ප‍්‍රථම ස්ථානය දායක වීම.

2009 පළාත් පාලන ආයතන අතර වූ මහජන පුස්තකාල තරගයෙන් දකුණු පලාතේ විශිෂ්ඨතම පුස්තකාලය ලෙස ප‍්‍රථම ස්ථානය දායක වීම.

2009 පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරගයේ දෙවන ස්ථානය දායක වීම.

2011 දකුණු පළාතේ් පළාත් පාලන ආයතන අතර ක‍්‍රීඩා තරගාවලියේ සමස්ථ ශූරතාවලිය ජයග‍්‍රහණය කිරීම.

2014 වර්ෂයේ ගාල්ල දිස්ති‍්‍රක් පළාත් පාලන ආයතන කී‍්‍රඩා තරගාවලියේ සමස්ථ ශූරතාවලිය ජයග‍්‍රහණය කිරීම.

‘ගාල්ලෙන් ඩෙංගු වැලකීම’’ කෘතිය රචනා කොට එය නගර ප්‍රතිපත්තියක් ලෙස සැකසීමට දායක වීම.

2014 වර්ෂයේ ගාල්ල දිස්ති‍්‍රක් පළාත් පාලන ආයතන කී‍්‍රඩා තරගාවලියේ සමස්ථ ශූරතාවලිය ජයග‍්‍රහණය කිරීම.

ගාල්ලට ලබාදුන් ජාත්‍යාන්තර වටිනාකම්

අන්තර්ජාතික CITYNET සංවිධානයේ සාමාජිකත්වය ගාල්ල මහා නගර සභාවට ලබාදීම.

2010 ගාල්ලට මහා නගර සභා වෙබ් අඩවියක් නොතිබුණි. එය ජාත්‍යන්තරය තුල ප්‍රසිද්ධියට පත් කල හැකි හා ජාත්‍යන්තර සම්බන්දතා ගොඩනගා ගැනීමට හැකි වන පරිදි නිර්මාණය කර නගරසභාවේ සේවක මහත්ම මහත්මීන් හට අවශ්‍ය පුහුණුව ලබා දීම.

I.C.C.N. සාමාජිකත්වය ශී‍්‍ර ලංකාවේ එකම නගරය ලෙස ගාල්ල නගරයට ලබාදීම.

Organization of World Heritage Cities – Membership

ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පවත්වන ලද “MAKING CITIES RESILIENT MY CITY IS GETTING READY” වැඩ සටහනට සහභාගී වී ගාල්ලට අවස්තාවක් ලබාදිම.

පිලිපීනයේ මැකාති (MAKATI) නගරයේදී ආසියානු කළමනාකරණ ආයතනය හා ආසියානු නගර සංවර්ධන ආයතනය විසින් පැවැත්වීමට යෙදුන නාගරික උපායමාර්ගික සංවර්ධන සැලසුම් බැංකුකරණ ව්‍යාපෘතියට සහභාගී වී දැක්වූ කුසලතාවයට ලද සම්මාන සහතිකය.

සිංගප්පූරුවේ පැවති සිංගප්පූරු පාලන ක‍්‍රමය අධ්‍යයනය කිරීම සඳහා වන වැඩමුළුව සාර්ථක ලෙස නිමාකිරීම වෙනුවෙන් ලද සම්මාන සහතිකය.

දකුණු කොරියාවේ ඉන්චෝන් නගරයේ පැවති දකුණු ආසියා ෆැසිපික් කලාපයේ නගරාධිපති වරුන්ගේ සම්මේලනයට සහභාගී වී දැක්වූ දක්‍ෂතාවය වෙනුවෙන් ලද සම්මාන සහතිකය.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ පැවති පෞරාණික නගර සංරක්‍ෂණය කිරීම සඳහා වන වැඩමුළුවට සහභාගීවීම වෙනුවෙන් හා ඉදිරිපත් කිිරීම වෙනුවෙන් ලද සම්මාන සහතිකය.

දකුණු කොරියාවේ ජේජු දූපතේ පැවති ‘‘අම්ල වලින් තොර නගර නිර්මාණය කිරීම’’ සම්බන්ධයෙන් වන වැඩමුළුවේදී ගාල්ල නගරය වෙනුවෙන් කරන ලද විශිෂ්ඨ ඉදිරිපත් කිරීම සඳහා ලද සම්මාන සහතිකය.

ජපානයේ යොකෝහාමා නගරයේ පැවති අන්තර් ජාතික සිට්නෙට් සංවිධානයේ වාර්ෂික සැසිවාරයට සහභාගී වීම වෙනුවෙන් ලද සහතිකය.

ජර්මනියේ හැම්බර්ග් නගරයේ ‘‘ටූටෙක් ඉනෝවිශන්’’ ආයතනයේ පුහුණු වැඩමුළුවට සහභාගී වී ගොඩනැගිලි අබලි ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් ලබා ගත් විශේෂිත දැනුම සෘජුව යොදා ගෙන ගොඩනැගිලි අබලි ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය ව්‍යාපෘතිය සාර්ථකව ආරම්භ කොට පවත්වාගෙන යාම.

ඉන්දුනිසියාවේ සුරබයා නගරයේ පැවති ආසියානු රටවල නගර නැවත නගාසිටුවීමේ සමුළුවට සහභාගිවී ගාල්ල නගරය පිළිබද කරන ලද ඉදිරිපත් කිරීම වෙනුවෙන් ලද සහතිකය.

තායිලන්තයේ බැංකොක් නගරයේ පැවති නගර සංවර්ධනය සම්බන්දයෙන් වු ජාත්‍යන්තර නගරාධිපතිවරුන්ගේ සැසියට සහභාගීවීම.

දකුණු කොරියාවේ සෝල් නගරයේ පැවති ආසියානු පැසිිපික් නගරාධිපතිවරුන්ගේ සම්මේලනයට සහභාගීවීම.

චීනයේ ෆෝට්ෂුන් සහ ෂංයැන් නගරවල පැවති නව නගර නිර්මානය සහ පරිසර හිතකාමී සංවර්ධනය සම්බන්ධයෙන් වූ විශේෂ සමුළු දෙකකට සහභාගි වීම.